13 ඉවත් කළොත් මු.කො. ආණ්ඩුවෙන් ඉවතට.

Monday, 03 June 2013 - 18:58

13+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.


13 වන සංශෝධනය ඉවත් කළහොත් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට ඇති ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට ගන්නා පියවර වලට තමන් දැඩි සේ විරුද්ධ වන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ෂෆීක් රජබ්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. මේ අතර ඊයේ (02) සහ අද (03) දිනයේ පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ද 13 වන සංශෝධනය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවල අදහස් පළ වුණා.

ජාතික හෙල උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ ජාතික සංවිධායක ෂෆීක් රජබ්දීන්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ දැක්වූ අදහසුයි මේ.

 
[MP3]s60228[/MP3]