පොලිස් අත්අඩංගුවේ දී තවත් අයෙක් මරුට.

Monday, 03 June 2013 - 19:00

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළා. මීට විරෝධය පළ කිරීම සඳහා දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට අද (03) පස්වරුවේ පිරිසක් රැස්වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා. විරෝධතාවයට එක්ව සිටි පිරිස් කියා සිටියේ පොලීසිය විසින් සිදුකළ පහරදීමකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. දෙමටගොඩ - කාරියපුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

 [MP3]s60229[/MP3]
 

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන කියා සිටියේ මත්කුඩු තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ දෙමටගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් භාරයේ සිටි මොහුට අද (03) උදෑසන හදිසි අසනීප තත්ත්වයක් හට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. ඔහු රෝහල් ගත කළ පසු මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන තවදුරටත් සදහන් කළේ.

 
පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ම මීට පෙර වාර්තා වී තිබෙනවා. එවැනි ආසන්න සිදුවීමක් වන්නේ පසුගිය 26 වන දා පිටිගල දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ප්‍රපාතයකට පෙරළී ජීවිතක්ෂයට පත්වීමයි. පසුගිය අප්‍රේල් 15 වන දා තල්පිටියේ ධීවරයෙකු ද, වාද්¥ව පොලිස් අත්අඩංගුවේ සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.



මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More

ලබන සෙනසුරාදා දිවයිනේ සියලු තැපැල් කාර්යාල වැසේ
Wednesday, 03 June 2020 - 20:25

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම... Read More

දෙමටගොඩ පිපිරීමේ නොදුටු CCTV දසුන් ජනපති කොමිසමේදී එළියට (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:06

2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම්... Read More