බ්‍රිතාන්‍යයේ යුවලක් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයින් 2ක් දැලේ.

Tuesday, 04 June 2013 - 7:33

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.

ඉන්දීය රුපියල් දෙකෝටි 58 ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා චෙන්නායි හිදී බ්‍රිතාන්‍ය ජාතික යුවළක් පැහැර ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු 9 දෙනෙකු ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමිල්නාඩුවේ කුඞ්ඩලෝර් හි නිවසක් වෙත ඊයේ (03) රාත්‍රියේ ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක රැගෙන යමින් සිටි එම යුවළ මුදා ගත් බවයි චෙන්නායි පොලීසිය සදහන් කළේ. බ්‍රිතාන්‍ය යුවළ මුදා ගැනීම සඳහා ලන්ඩන් ස්කොට්ලන්ඞ් යාඞ් පොලීසිය ඇතුළු බ්‍රිතාන්‍යයේ පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්වූ බව සඳහන්. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත තවරාජා සහ සාලජා නැමැති මෙම යුවළ ශ්‍රී ලංකාවේ සම්භවය සහිත දෙදෙනෙකු බවයි හෙලි වී ඇත්තේ. ඔවුන් පැහැර ගැනීම සඳහා ලන්ඩනයේ සහ චෙන්නායි හිදී මෙහෙයුමක් ක්‍රියාත්මක කළ කල්ලියේ 9 දෙනායි දැන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් ලන්ඩනයේ සිටින බ්‍රිතාන්‍ය යුවළගේ දියණිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී අදාළ කප්පම් මුදල ඉල්ලා සිටි බව සඳහන්. යුවළ පැහැර ගත් කල්ලියේ ශ්‍රී ලාංකිකයෙකු තවරාජා සතු ලන්ඩනයේ සුපිරි වෙළදසැලක සේවකයෙකු බව අනාවරණ වී තිබෙනවා. ප්‍රාණ ඇප මෙහෙයුමේ මහ මොළකරු ඔහු බවයි චෙන්නායි පොලීසිය සදහන් කළේ.



දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට
Monday, 01 June 2020 - 6:03

සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Monday, 01 June 2020 - 5:56

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More