ත්‍රිකුණාමල අවබෝධතා ගිවිසුම පිළිබදව ඇමරිකාවෙන් පැහැදිලි කිරීමක්.

Tuesday, 04 June 2013 - 7:48

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ත්‍රිකුණාමලය නගර සභාව සමග අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙම අවබෝධතා ගිවිසුම ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු නංවාලීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවයි. ඇමරිකන් කෝනර් යන නමින්  ඒකාබද්ධ තොරතුරු සහ ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් පිහිටුවීම එහි අරමුණයි. එය මහනුවර මහජන පුස්තකාලයේ 2005 වසරේ ආරම්භ කරන ලද තොරතුරු මධ්‍යස්ථානය සහ 2011 වසරේ යාපනය නගර සභාව සමග ආරම්භ කළ ඇමරිකානු තොරතුරු මධ්‍යස්ථානයට සමාන බවයි තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ. ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට සැලසුම් කළ මධ්‍යස්ථානය මගින් ද ප්‍රදේශයේ ජනතාවට ඇමරිකාව පිළිබදව නිවැරදි නව තොරතුරු ලබාදීමට අපේක්ෂා කෙරෙන බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ.

 

කෙසේ නමුත්, ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ත්‍රිකුණාමල නගර සභාව මේ සඳහා අත්සන් කළ ගිවිසුම තාවකාලිකව අත්හිටුවූ බව නැගෙනහිර පළාත් සභාව ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම්, සරත් අභයගුණවර්ධන කියා සිටියේ පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

 

[MP3]s60242[/MP3]

 

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. මෙරට පළාත් පාලන ආයතනයක් විදෙස් රටක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ යුතුයි. එහෙත්, එවැනි දැනුම්දීමක් දෙමළ ජාතික සන්ධානයේ පාලනය යටතේ පවතින ත්‍රිකුණාමල නගර සභාව හෝ ඇමරිකානු තානාපති කාර්යාලය සිදුකර නොතිබූ බවයි එහි ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ.



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More