ජනතා උද්ඝෝෂණයකින් වව්නියාව දුම්රිය හිරියාලේ නවතයි.

Tuesday, 04 June 2013 - 12:38

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

හිරියාල - නාගොල්ලාගම මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලා හිරියාල ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නතර කරගෙන සිටි කොළඹ - වව්නියාව දුම්රිය දැන් හිරියාලේ සිට කොළඹ දෙසින් පිහිටි ආසන්තම දුම්රිය ස්ථානය වන ගනේවත්තට රැගෙන විත් තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ වව්නියාව බලා ධාවනයවීමට නියමිතව තිබූ අර්ධ සුඛෝපභෝගී දුම්රිය අද (04) පෙරවරු 9 යේ  සිට පැය 3ක් මෙලෙස හිරියාල ප්‍රදේශවාසීන් විසින් නතර කරගෙන සිටි බවයි. දුම්රිය මාර්ගය හරස් කර මොවුන් පැවැත්වූ උද්ඝෝෂණයට 2000කට අධික පිරිසක් එක්ව සිටි බව සදහන්. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් ද එහි යොදවා ඇති බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ. උද්ඝෝෂණය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්.

 

[MP3]s60271_1[/MP3]                                                                                        

 

එම ස්ථානයේ පවතින තත්ත්වය පිළිබදව පැහැදිලි කරන හිරු ප්‍රාදේශීය වාර්තාකරු මහින්ද මාරසිංහ.

[MP3]s60271_2[/MP3]