ඩෙංගු නිසා කොළඹ සරසවියේ පීඨ 3 ක් වැසේ.

Tuesday, 04 June 2013 - 18:22

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති, කලා සහ කළමනාකරන පීඨවල විභාග සහ දේශණ ලබන සඳුදා දක්වා අත්හිටුවීමට එහි පාලනාධිකාරිය අද (04) තීරණය කළා. ඒ, ඩෙංගු රෝගය පැතිරයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ලබාදුන් නිර්දේශයක් අනුවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ ගොඩනැගිල්ලේ වැහි පීලි අබලන්වීම හේතුවෙන් එහි තුන්වන මහලේ ජලය රැදී තිබෙනවා. ඊයේ පෙරවරුවේ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිළධාරී කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ එම ජලයෙහි ඩෙංගු කීටයන් සිටින බවයි. මෙම පීඨ 3 ම එකිනෙකට ආසන්නව පිහිටා තිබීම හේතුවෙනුයි මෙලෙස ලබන සඳුදා දක්වා දේශන සහ විභාග අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ.  මේ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගමද අදහස් පළ කළා.

[MP3]s60296_1[/MP3]                           

මීට අමතරව පසුගිය දා කොළඹ මහ නගර සභාව විසින් කොළඹ ප්‍රදේශයේ පාසල් 12ක් ද ඩෙංගු අවදානම හේතුවෙන් වසා දමන ලෙස නිර්දේශ නිකුත් කර තිබුණා. මේ වනවිට එම විද්‍යාලවල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මකයි.   

මේ අතර ගත වූ මාස 5 තුළ ඩෙංගු රෝගීන් 13,675ක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 3506ක්. කෙසේ වෙතත්, පසුගිය වසරේ මෙම කාලය හා සැසදීමේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරන බවයි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් පී.එස්. මුතුකුඩ ප්‍රකාශ කළේ.

[MP3]s60296_2[/MP3]                       

මෙම කාලය තුළ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් 2173 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් දඩ වශයෙන් රුපියල් එක්කෝටි 18 ලක්ෂ 65,000ක මුදලක් අය කර ගැනීමට හැකි වූ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම්වරයා සදහන් කළා.

[MP3]s60296_3[/MP3]               

විශ්වවිද්‍යාල පරිශ්‍ර ඇතුලූ විවිධ ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරීම ඉහළ යාම සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහිදී නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේ මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා අදාල නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More