එ.ජා.ප. ය ආණ්ඩුව සමග සාකච්ඡාවකට සැරසෙයි.

Tuesday, 04 June 2013 - 18:28

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමටද තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s60297_1[/MP3]                                

එහිදී අදහස් දක්වමින් අදාල ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදක මණ්ඩල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ තම පක්ෂයේ යෝජිත ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිටත් කැමැත්ත පළ කර ඇති බවයි.
 
[MP3]s60297_2[/MP3]