පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සහ විපක්ෂයට වරදී.

Tuesday, 04 June 2013 - 18:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

පාර්ලිමේන්තුව හෙට පස්වරු එක දක්වා අද කල් තැබුණේ විවාදයට ගැනීමට තිබූ කල්තැබීමේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොතිබීම හේතුවෙන්. මෝටර් වාහන පනත යටතේ නියෝග කිහිපයක්ද අද න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණත් ඒවාද විවාදයකින් තොරව සම්මත කරගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මීට පෙර එකඟ වී තිබෙනවා. මහ බැංකු වාර්තාව පිළිබඳ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාවක් අද විවාදයට ගන්නා බවයි ආණ්ඩු පක්ෂය කලින් කියා සිටියේ. එහෙත් එය න්‍යාය පත්‍රයේ නොමැති බව විපක්ෂය පෙන්වා දුන්නා. පසුව පක්ෂ නායක රැස්වීමක් කැදවූ අතර අනතුරුව කථානායකවරයා කියා සිටියේ න්‍යාය පත්‍රයේ නොමැති දෙයක් විවාදයට ගත නොහැකි බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධනගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා තේරී පත්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කථානායකවරයා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.
 
[MP3]s60298[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More