තෙල් හිඟයක් නැහැ. - අමාත්‍යාංශය කියයි.

Wednesday, 05 June 2013 - 8:10

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඉදිරි දින කිහිපය තුළ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව පවතින බවයි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ මෙරට වෙළඳපොළේ පෙට්‍රල් හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළා. මුතුරාජවෙල තොග තෙල් ගබඩාවේ දැනට නැව් මගින් මෙරටට ගෙන්වන ලද පිරිපහදු තෙල් මෙටි‍්‍රක් ටොන් 6000ක් ඉතිරිව ඇති බවටයි වාර්තා වන්නේ. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය වන්නේ මෙටි‍්‍රක් ටොන් 1500ක්. ඒ අනුව මෙම මෙටි‍්‍රක් ටොන් 6000 දින 4කට පමණක් ප්‍රමාණවත් බවට හිරු ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වුණා. මෙම ගැටළුව ඇතිවීමට බලපා ඇති ප්‍රධානතම කරුණ වන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් මෙතෙක් පිරිපහදු තෙල් වෙළදපොළට නිකුත් කිරීමට අපොහොසත්වීමයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ කිසිලෙසකත් ඉදිරි දින කිහිපය තුළ වෙළදපොළේ පෙට්‍රල් හිඟයක් ඇති නොවන බවයි. පිරිපහදු කළ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 30,000ක් රැගත් නැවක් හෙට (06) මෙරටට පැමිණීමට නියමිත බව ද ඔහු සදහන් කළා. එබැවින් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් අමත්‍යාංශයේ ජාතික සේවක සංගමයේ තෙල් සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තෙල් සංචිත අඩුවෙමින් පවතින බවයි. ඒ සඳහා බලධාරීන් නිසි පියවරක් නොගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s60314[/MP3]