පළාත් සභා බලතල සීමා කිරිම ගැන සන්ධානයේ පක්ෂවල අවධානය.

Wednesday, 05 June 2013 - 8:12

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F++%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.



පළාත් සභා ඒකාබද්ධවීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැළැක්වීමට අදාළ විධි විධාන ගෙන ඒම සම්බන්ධයෙන් ඊයේ (04) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඊයේ (04) පැවැත්වුණා. එහිදී ජාතික වැදගත්කමක් ඇති පනත් කෙටුම්පත් ගෙන ඒමේදී සියලූම පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන විධි විධාන ඉවත් කිරීම පිළිබදව ද සාකච්ඡා කළ බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර පළාත් සභා එකට ඒකාබද්ධවීම වැළැක්වීමේ වැදගත්කම පිළිබදව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

 
එසේම පළාත් සභාවලදී පනත් සම්මත කර ගැනීම සඳහා ඇතැම් පළාත් සභාවක් විරුද්ධවුවහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් ඒවා සම්මත කර ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් අධිකරණයෙන් උපදෙස් ලබා ගැනීම පිළිබදවයි අවධානය යොමුව තිබුණේ.