මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිට මරණ දඬුවම.

Wednesday, 05 June 2013 - 12:59

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.

පුද්ගල ඝාතනයකට වරදකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. පියතිස්සට කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (05) මරණ දඩුවම නියම කළා. ඒ 2003 වසරේදී මාවනැල්ල - නාදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවටයි. මෙම සිද්ධිය වන අවස්ථාවේදී ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටියේ නැහැ.

 

මේ අතර, පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ අමිල අධිකරණයට භාරවීමෙන් පසුව මේ මස 11 වැනිදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මොහු සතියකට ආසන්න කාලයක් පොලිසිය මඟහරිමින් සිටයි ඊයේ අධිකරණයට භාර වූයේ. එමෙන්ම, බුලත්සිංහල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට පහර දුන්  බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 26 වැනිදායි.