ඩෙංගු අධි වසංගතයක් දක්වා පැතිර යාමේ අවදානමක්.

Wednesday, 05 June 2013 - 18:52

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස දෙක තුළදී ඩෙංගු වසංගත තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක්ද පැවති අතර ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥයින් එහිදී මේ බව පෙන්වා දී තිබෙනවා. ගතවූ මාස 5 ක කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 13 500 ක්. ඉන් සියයට 46 ක ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. ඉන් බහුතරයක්ම පාසල් ළමයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි පාසල් 147 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 63 ක තත්ත්වය අසතුටුදායක බව පෙනී ගොස් තිබෙනවා. පාසල් 12 ක ඩෙංගු මදුරු කීටයින් බහුලව වාර්තාවීම නිසා එම විදුහල්පතිවරුන්ට එරෙහිව නඩු පැවරීමටද තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යාම නිසා ඉදිරියේදී එම ප්‍රදේශය තුළ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටද ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වුණා.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව ඇතුලූ රජයේ ආයතනවල අනුග්‍රහය ඇතිව පැවැත්වෙන එම මෙහෙයුම සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලක සඳහන් කළේ ඩෙංගු මදුරු මර්දන කමිටු පිහිටුවන ලෙස රජයේ ආයතන විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුවත් කර ඇති බවයි. සතියක් ඇතුළත එම කමිටු පත්කළ යුතු අතර එසේ නොකරන රජයේ ආයතන සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ලේකම්වරයා අවධාරණය කළා.
 
[MP3]s60370[/MP3]



බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More