13 පොලිස් සහ ඉඩම් බලතල ගැන අධිකරණයෙන් විමසීමට රජය තීරණය කරයි.

Wednesday, 05 June 2013 - 19:03

13+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ අද (05) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කළා. ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ස්ථාපිත කරන ලෙසද ජනාධිපතිවරයා ඊයේ සාකච්ඡාවේදී සභා නායක නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස් දී තිබෙනවා.   

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා. ඊට 13 වන සංශෝධනයට එරෙහි ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය යන පක්ෂවල නායකයන් මෙන්ම ඊට පක්ෂපාතීත්වය දක්වන කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂ නායකයින්ද එක්ව සිටියා. එහිදී 13 වන සංශෝධනයේ වගන්ති දෙකක් සංශෝධනය කිරීමට තීරණය කෙරුණා. පළාත් සභාවලට බලපාන කරුණක් මධ්‍යම ආණ්ඩුවෙන් සම්මත කරගන්නා විට ‘‘සියලූම පළාත් සභාවල අනුමැතිය ඊට අවශ්‍යය යන වගන්තිය බහුතරයක් පළාත් සභාවල අනුමැතිය ඇතිව එය සිදුකළ හැකිය’’ යනුවෙන් සංශෝධනය කෙරෙනු ඇති. පළාත් සභා දෙකක් හෝ 3 ක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට අදාළ වගන්තියද සංශෝධනය කිරීමට නියමිතයි.

ඊයේ සාකච්ඡාවූ කරුණු පිළිබඳ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කළ අමාත්‍ය විමල් වීරවංශ.

[MP3]s60372_1[/MP3]                     

අමාත්‍යවරයා මෙම සංශෝධන ජයග්‍රහණයක් ලෙස හැඳින්වූවත් පළාත් සභාවලට පක්ෂපාතීත්වය දක්වන කොමියුනිස්ට් පක්ෂය ඇතුලූ වාමාංශික පක්ෂ පවසන්නේ ගෙන එන මෙම සංශෝධන තුළින් පළාත් සභා බලතලවලට කිසිදු හානියක් සිදුනොවන බවයි. කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය ඇතුලූ ආණ්ඩුවේ වමේ පක්ෂ වෙනුවෙන් ප්‍රකාශයක් කළ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ.

[MP3]s60372_2[/MP3]                               

කෙසේ වෙතත් 13 වන සංශෝධනය වෙනස් කිරීමට ජාතික හෙළ උරුමය දැනටමත් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට කුමක් සිදුවන්නේද යන්න හිරු ප්‍රවෘත්ති අංශය එම පක්ෂයෙන් විමසීමක් කළා. ඊයේ සාකච්ඡාවේ තීරණය වූ කරුණු පිළිබඳ හෙළ උරුමයේ අභ්‍යන්තර සාකච්ඡාවක් දැන් ආරම්භ වී තිබෙනවා. එහිදී තීරණයක් ගන්නා බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රිී වර්ණසිංහ පැවසුවේ.

ආණ්ඩුවේ සිටින ඊ.පී.ඞී.පී. පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කියා සිටින්නේ ජාතික ගැටළුව විසඳීමේ තේරීම් කාරක සභාව අනිවාර්යයෙන්ම පත්කිරීමට ඊයේ තීරණය කළ බවයි. එහිදී ටී.එන්.ඒ. ඊට එක්වීම හෝ නොවීම අදාළ නොවන බවද ඔහු සඳහන් කළා.

[MP3]s60372_3[/MP3]

කෙසේ වෙතත් විපක්ෂයේ සිටින 13 වන සංශෝධනයට පක්ෂ, විපක්ෂ දේශපාලන පක්ෂ අතරද ආණ්ඩුවේ නව තීරණය පිළිබඳ විවිධ මත පවතිනවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ  පළාත් සභාවල බලතල සීමාවන ආණ්ඩුවේ නව තීරණයට තමන් විරුද්ධ බවයි.

[MP3]s60372_4[/MP3]          

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කළේ 13 වන සංශෝධනයේ වගන්ති පමණක් වෙනස් කිරීමට තමන් විරුද්ධ බවයි.

[MP3]s60372_5[/MP3]            

මේ සම්බන්ධයෙන් තමන් තීරණයක් ගෙන නැතත් අවුලක් සිදුවන බව පැහැදිළි යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

[MP3]s60372_6[/MP3]             



විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1782 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782ක් දක්වා... Read More