බාල අටපිරිකර අලෙවිකළ තවත් 100 ක් අත්අඩංගුවට.

Thursday, 06 June 2013 - 8:13

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%A7%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී බාල තත්ත්වයේ අටපිරිකර විකුණූ ව්‍යාපාරිකයන් 100දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාරිභෝගික අධිකාරිය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ. කොළඹ, මහනුවර, ගම්පහ, බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුරය නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් මෙම බාල තත්ත්වයේ අටපිරිකර විකුණූ ව්‍යාපාරිකයන් සොයාගෙන තිබෙනවා.

 

අටපිරිකර සැකසීම සහ අලෙවි කිරීම සඳහා විනයානුකූල සහ නීති්‍යානුකූල ක්‍රමවේදයක් ඇරඹීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද  මීට පෙර උපදෙස් ලබාදුන්නා.

 
කෙසේ වෙතත් බාල අටපිරිකර විකිණීම සිදුකරන වෙළඳුන් සොයා අඛන්ඩව වැටලීම් සිදුකරන බවයි සමූපකාර හා අභ්‍යන්තර වෙලඳ අමාත්‍යාංශය සඳහන් කළේ.