පේරාදෙණිය රෝහලේ නීතිවිරෝධී වඳ සැත්කම්. පරීක්ෂණ ඇරඹේ.

Thursday, 06 June 2013 - 8:17

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%80%E0%B6%B3+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

පේරාදෙණිය රෝහලේ දරු ප්‍රසූතියට පැමිණෙන කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් කළ බව පවසන වෛද්‍යවරුන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක පවසනවා.

සිංහල බෞද්ධ කාන්තාවන් බලහත්කාරයෙන් වද සැත්කම්වලට භාජනය කිරීමේ සිද්ධියක් මහනුවර - පේරාදෙණිය ශික්ෂණ රෝහලින් වාර්තා වුණා. කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම් සඳහා යොමුකරන බවට කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ලද තොරතුරු මතයි මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ. ඒ පිළිබඳව ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් නියෝජිතයන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පේරාදෙනිය ශික්ෂණ රෝහලට පැමිණ ඊයේ විරෝධතාවකද නිරතවුණා. මේ එම අවස්ථාවේදී අදහස් දැක්වූ හෙළ උරුමයේ නියෝජිතයෙක්.

[MP3]s60388_1[/MP3]

විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් පේරාදෙණිය රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය චන්ද්‍රා ගුණතිලකද හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක.


[MP3]s60388_2[/MP3]