13 ගැන හෙළ උරුමයේ තීරණය අද. තීරණයක් ගැනීමට හකීම් හදිසියේම දිවයිනට.

Thursday, 06 June 2013 - 8:26

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.++++++%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ආ යෝජනා පිළිබඳව සිය අවසන් තීරණය අද දිනයේදී දැනුම් දෙන බව  ජාතික හෙළ උරුමය පවසනවා. ඒ පිළිබඳව ඊයේ දිනයේදී හෙළ උරුමයේ සියලූම නියෝජිතයන් එක්ව සාකච්ඡාවක්ද පැවැත්වූ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි. ඒ අනුව දැනට පලස්තීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගිවීමට ගොස් සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් හදිසියේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි. ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවන බලපෑම් සහ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු දැක්වීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්ගේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඒ.ආර්.ඒ. හෆීස් කියා සිටියේ.

[MP3]s60389_1[/MP3]

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කළා.

ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ස්ථාපිත කරන ලෙසද ජනාධිපතිවරයා පෙරේදා සාකච්ඡාවේදී සභා නායක නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස් දී තිබෙනවා.

පෙරේදා සාකච්ඡාවූ කරුණු පිළිබඳ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කළ අමාත්‍ය විමල් වීරවංශ.

[MP3]s60389_2[/MP3]                        

එහෙත් ආණ්ඩුව නියෝජනය කරන වාමාංශික පක්ෂ පවසන්නේ මෙම සංශෝධන තුළින් පළාත් සභා බලතලවලට කිසිදු හානියක් සිදුනොවන බවයි. කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය ඇතුලූ ආණ්ඩුවේ වමේ පක්ෂ වෙනුවෙන් ප්‍රකාශයක් කළ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ.

[MP3]s60389_3[/MP3]                    

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කළේ 13 වන සංශෝධනයේ වගන්ති පමණක් වෙනස් කිරීමට තමන් විරුද්ධ බවයි.

[MP3]s60389_4[/MP3]            

මේ සම්බන්ධයෙන් තමන් තීරණයක් ගෙන නැතත් අවුලක් සිදුවන බව පැහැදිළි යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.
 
[MP3]s60389_5[/MP3]             



මුන්දලමේදී නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Thursday, 04 June 2020 - 9:59

මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලාගිය බව... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More