ජා. නි. පෙ. පෙත්සමට එ.ජා.ප. මන්ත්‍රීවරයෙකු අත්සන් තබයි.

Thursday, 06 June 2013 - 10:06

%E0%B6%A2%E0%B7%8F.+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.



ඉඩම් සහ පොලිස් බලතල සහිතව උතුරේ ඡන්දය එපා යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ ආරම්භ කළ මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරයේ සිව්වන දිනය අදයි. අද දිනයේ මෙම මහජන පෙත්සම අත්සන් කිරීම ආරම්භ කෙරුනේ මහනුවර නගරයෙන්. ඊට මධ්‍යම පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අනුර ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේසිරි අත්සන් තැබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. පිළිමතලාව, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, කොටියාකුඹුර සහ කරවනැල්ල යන නගරවලද අද දිනයේ මෙම මහජන පෙත්සම අත්සන් කරනු ඇති.