පෞද්ගලික බස් පෙර ගෙවුම් කාඞ්පත සඳුදා සිට.

Thursday, 06 June 2013 - 18:53

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් බස් මගීන් සඳහා පෙරගෙවුම් ට්‍රැවල් කාඞ් පතක් අද හඳුන්වාදෙනු ලැබුවා. එක් කාඞ්පතක මිල රුපියල් 200 ක් වන අතර එය මෙරට ප්‍රධාන දුරකථන සමාගමකින් ලබා ගත හැකියි. පෙර ගෙවුම් ට්‍රැවල් කාඞ්පත තමාගේ නමට පෞද්ගලිකවම ලබා ගැනීමේ හැකියාව පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

 

[MP3]s60447_1[/MP3]      

 

ලබන සඳුදා සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මත්තේගොඩ - පිටකොටුව පෞද්ගලික බස් රථ කිහිපයක මෙම පෙර ගෙවුම් ට්‍රැවල් කාඞ්පත ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මත්තේගොඩ පර්යන්තයේ බස් රථ 8 කට සහ මහරගම පර්යන්තයේ බස් රථ දෙකකට මීට අදාළ යන්ත්‍ර දැනටමත් ලබා දී තිබෙනවා.

 

පෙර ගෙවුම් ට්‍රැවල් කාඞ්පත් භාවිතා කරන බස් මගියෙකු එය බස් රථයේ කොන්දොස්තරවරයාට ලබාදීමෙන් පසුව, ගමනාන්තය දැක්වෙන ටිකට් පතක් ද ලබා දෙනවා. එම ටිකට් පතෙහි අදාළ ගාස්තුව මෙන්ම පෙරගෙවුම් කාඞ්පතෙහි, ඉතිරි මුදල ද දැක්වෙන බවයි ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

 

මේ අතර, තමාගේ නමට ලබා ගන්නා පෙර ගෙවුම්පත අස්ථානගත වුවහොත්, අදාළ දුරකථන සමාගමට කථා කර කාඞ් පත අක්‍රිය කළ හැකි වනවා. එමෙන්ම, තමාගේ නමට ලබා නොගන්නා කාඞ්පත් අස්ථාන ගතවුවහොත් එහි පාඩුව තමන්ම විඳ දරා ගැනීමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

කෙසේ වෙතත්, මෙම පෙර ගෙවුම් ට්‍රැවල් කාඞ්පත එළි දැක්වීමේ සමාරම්භක උත්සවයට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්වෙමින් කියා සිටියේ දිවිනැගුම ලාභීන්ටත් මේ යටතේ සහනයක් ලබා දීමට කටයුතු කරන බවයි.

 

[MP3]s60447_2[/MP3]        



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More