හලාවත රෝහලේදී අනතුරට පත් දරුවාට තවමත් සිහිය නැහැ.

Thursday, 06 June 2013 - 18:54

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

හලාවත මහ රෝහලේ ශල්‍යාගාරයක ගෑස් නළයක් පුපුරා යාමෙන් ඇති වූ ගින්නෙන් අනතුරට පත් දරුවා කොළඹ ජාතික රෝහලේදී සී ටී ස්කෑන් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. ඉන් අනතුරුව, දරුවා නැවතත් හලාවත රෝහලට පිටත්කර යැවීමට කටයුතු කළ බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ. මේ වනවිටත් සිහිසුන්ව සිටින 12 හැවිරිදි එම පිරිමි දරුවා ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවයි ඇය තවදුරටත් කියා සිටියේ. සිද්ධියෙන් අනතුරුව එම දරුවාගේ මව මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

 

[MP3]s60448_1[/MP3]                     

 

කනේ ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර සිටි මෙම 12 හැවිරිදි පිරිමි දරුවා හලාවත - මයික්කුලම ප්‍රදේශයේ පදිංචි අයෙක්. නිර්වින්දනය කර ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටින අවස්ථාවේදී නිර්වින්දන යන්ත්‍රයේ ගෑස් නලයක් පුපුරා යාමෙන් මෙම ගින්න හට ගත්තා.  ඉන්  ස්වසන අපහසුතාවයන්ට ලක්වීමෙන් රෝහල් සේවකයන් 5 දෙනෙකු ද ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ජයසිංහ කියා සිටියේ.

 

[MP3]s60448_2[/MP3]