සී.අයි.ඞී ය, වාස් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරයි.

Thursday, 06 June 2013 - 18:58

%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%9E%E0%B7%93+%E0%B6%BA%2C+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද (06) ප්‍රශ්න කරනු ලැබුවා. ඒ පසුගිය 22 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පස්වරු 4.30 ට පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ. ඊට අමතරව, තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුවන් සියලූදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

 

මේ අතර, අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඊට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

 
[MP3]s60450[/MP3]



මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More

ශ්‍රී ලංකාවේ 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි
Monday, 01 June 2020 - 8:39

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට... Read More

නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More