ඊශ්‍රායල දේශසීමාවත් සිරියානු රජයේ හමුදා අතට.

Friday, 07 June 2013 - 7:53

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.

සිරියාව සහ ඊශ්‍රායලය අතර ගොලාන් කඳුකරය ආසන්නයේ පිහිටි දේශසීමා ප්‍රදේශය ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් ඊයේ (06) අත්පත් කර ගනු ලැබුවා. මෙය සිරියානු කැරලිකරුවන්ට අත්වූ බලවත් පරාජයක් ලෙසයි සැලකෙන්නේ. කැරලිකරුවන්ට ඊශ්‍රායල දේශසීමාව ඔස්සේ අවි ආයුධ ලබා ගැනීමට ඇති හැකියාව ද එමගින් වැළකෙනවා. සිරියානු රජයේ හමුදා දේශසීමාවේ බලය අත්පත් කර ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ද සනාථ කර තිබෙනවා. දේශසීමාව අත්පත් කර ගැනීම සඳහා පැවති ගැටුම් වලදී යුධමුක්ත කලාපයේ සිටින ජගත් සංවිධාන සාමසාධක භටයින් දෙදෙනෙකු ද තුවාල ලැබුවා.

 

ජනාධිපති අසාද්ගේ හමුදා මගින් දේශසීමාව වෙත යුධ ටැංකි පෙළක් එවීමත් සමඟ, ඊශ්‍රායලය විසින් සිය දේශසීමාව ආසන්නයට ද යුධ ටැංකි යවා තිබෙනවා. 1967 මැදපෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලය විසින් සිරියාවෙන් අත්පත් කර ගත් ගෝලාන් කඳුකරය උපක්‍රමීය වශයෙන් අතිශයෙන් වැදගත් ප්‍රදේශයක්. එහි බලය අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතට පත්වීමෙන් සිය ආරක්ෂාව තර්ජනයට ලක්වන බවයි ඊශ්‍රායලය පවසන්නේ.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More