රේගුවේදී ලක්ෂ 25 ක් වටිනා රන් කැබලි අත්අඩංගුවට.

Friday, 07 June 2013 - 8:00

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

සිංගප්පූරුවේ සිට ඇමරිකානු ජාතිකයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ 25 ක් වටිනා රන් කැබලි 126 ක් ගුවන්තොටුපල රේගුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි ඇමරිකානු ජාතිකයා අප්‍රිකානු රටවල රත්රන් වෙළඳාමේ නිරත පුද්ගලයෙකු බවයි මේ වනවිට පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ගුවන්තොටුපල රේගුව සහ ගුවන්තොටුපල පොලිසිය පරීක්ෂණ පවත්වන බව හිරු වාර්තාකරු සඳහන් කළා.