ගුවන් හමුදාපතිගේ හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි.

Friday, 07 June 2013 - 10:06

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ගමන්ගත් හෙලිකොප්ටරය යානය අද උදෑසන කුලියාපිටිය - කටුපොත ප්‍රදේශයේ ක්‍රීඩාංගනයකට හදිසියේ ගොඩබස්වනු ලැබුවා. බෙල් 412 වර්ගයේ ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම හෙලිකොප්ටර් යානයේ තාක්ෂණික දෝෂයක් පිළිබඳ අවදානම හේතුවෙන් පරීක්ෂාව සඳහා මෙලෙස හදිසියේ ගොඩබස්වනු ලැබූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. යානය පරීක්ෂා කරන අතරතුර ගුවන් හමුදාපතිවරයා ගොඩබිම් මාර්ගයෙන් සිය ගමනාන්තය දක්වා ගමන් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ඇන්ඩෲ විජේසූරිය කියා සිටියා.