කළුබෝවිල රෝහල අවට ඩෙංගු තවාන්.

Friday, 07 June 2013 - 12:46

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.

දිවයින පුරා පිහිටි මදුරු තවාන් පරීක්ෂා කිරීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහභාගිත්වයෙන් හෙට (08) සිට ආරම්භ කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී, දීප ව්‍යාප්තව මදුරු තවාන් ඇති නිවාස පරිශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කෙරුණේ.

 

පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ පරීක්ෂාවන්හිදී මදුරුවන් බෝ වන පරිදි පරිසරයේ පවත්වාගෙන ගිය ස්ථාන රැසක් හඳුනා ගැණුනා. පාසල් කිහිපයක මෙන්ම, කළුබෝවිල ශික්ෂණ රෝහල අවටින් ද මදුරු තවාන් පිහිටි ස්ථාන කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.

 

නිරිත දිග මෝසම කඩින් කඩ ලැබීම මෙන්ම, පැවති උෂ්ණත්වය ද පෙර වසරවලට වඩා වැඩිවීම මේ වසරේදී මදුරු ඝනත්වය ඉහළ යාමට හේතු වී ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරින්ගේ සංගමයේ ලේකම් නජිත් සුමනසේන.

 

[MP3]s60499_1[/MP3]

 

විශේෂයෙන් මේ දිනවල වෛරස් උණ රෝගයක් ද පැතිර යන හෙයින් ඩෙංගු රෝගය වැළඳුනු රෝගීන් හඳුනා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ද ඔහු කියා සිටියා.

 
[MP3]s60499_2[/MP3]