ගැටුමකින් පසු කැළණිය සරසවියේ විද්‍යාපීඨය වැසේ.

Friday, 07 June 2013 - 12:49

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.

කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (06) පස්වරුවේ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

 

කෙසේ වෙතත්, වේවැල්දූව - සීවලී මාවතේ පිහිටි එම පීඨයේ නේවාසිකාගාරයකට ඊයේ රාත්‍රියේ පැමිණි නාඳුනන පිරිසක් එහි සිටි සිසුන්ට පහරදී තිබෙනවා. පහරකෑමට ලක් වූ සිසුන් 6 දෙනෙකු රෝහල් ගත කළ අතර, ඉන් 4 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේයි. අනෙක් සිසුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබෙනවා.

 

මෙම පහරදීම විශ්වවිද්‍යාලයට පරිබාහිර මැර පිරිසක් විසින් සිදුකළ එකක් බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ වැඩබලන සභාපති ඞී.ජේ. ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

[MP3]s60500_1[/MP3]

 

කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එල්ල කරන එම චෝදනාව පිළිබඳව අප කරුණු විමසුවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගෙන්.

 

[MP3]s60500_2[/MP3]

 

 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ද අප විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ නාඳුනන පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය වෙත ද තොරතුරු ලැබී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්, කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ද ඔහු සඳහන් කළා.



විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More