ඉන්දියාවට ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලූ විසඳිය නොහැකියි. - B.J.P ය කියයි.

Friday, 07 June 2013 - 12:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+B.J.P+%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඉන්දියාවට මෙරට දෙමළ ජනතාව සුවපත් කිරීමේ සහයක් ලබා දිය හැකි වුව ද, ඔවුන්ගේ දේශපාලන ගැටලූ විසඳිය නොහැකි බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම පවසනවා. යාපනයේදී ඊයේ දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් ජන සමාජයේ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුවයි ඔවුන් මේ බව කියා සිටියේ. ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක රවීශංකර් ප්‍රසාද් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස සඳහන් කළේ තමන්ට ඉන්දියාවේ සහය ලැබෙන බවට උතුරේ දෙමළ ජනතාව තුළ විශ්වාසයක් පවතින බවයි. එහෙත්, ඔවුන්ගේ දේශපාලනමය ප්‍රශ්න විසඳීමට ඉන්දියාවට හැකියාවක් නැහැ. ඒවා දේශීය වශයෙන් ක්‍රියාත්මක ක්‍රියාදාමයන් ඔස්සේ විසඳා ගත යුතු බව භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන්ගේ අදහසයි. ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සලකන අතර එය අස්ථාවර කිරීමට කටයුතු නොකරන බවයි නියෝජිත පිරිසේ නායක රවි ශංකර් ප්‍රසාද් අවධානය කළේ. භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කථානායක චමල් රාජපක්ෂ හමුවී පිළිසඳරක නිරත වුණා.

 

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන් ඊයේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ද මුණ ගැසුණා. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන් සඳහන් කළේ මෙහිදී 13 වන සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් දැනුවත් කළ බවයි.

 

[MP3]s60502[/MP3]