13 සංශෝධනයේ වගන්ති ඉවත් කිරීමට මුස්ලිම් කොංග්‍රසයේ විරෝධය.

Friday, 07 June 2013 - 13:00

13+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

13 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කිරීමේ සැලසුම්වලට තමන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කළා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, හසන් අලී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවැනි සැලසුමක් පිළිබඳව තම පක්ෂය දැනුවත් කර නොතිබූ බවයි. ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක අමාත්‍ය රවූෆ් හකීම් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා කියා සිටියා.

 

එක්සත් ජාතික පක්ෂය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම පක්ෂයේ සන්නිවේදන ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර කියා සිටියේ උතුරු පළාත් සභා ඡන්දයට පෙර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බවයි.

 

[MP3]s60505[/MP3]

 

 

මේ අතර, ‘‘ඉඩම් සහ පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා.’’ යන ඉල්ලීම රැගත් ජාතික නිදහස් පෙරමුණේ පෙත්සමට අත්සන් තැබීම අද දිනයේ සිදුවනවා. පෙත්සමට මහනුවරින් අත්සන් ලබා ගැනීම ඊයේ සිදුකෙරුණු අතර පසුව, ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි හිමියන් බැහැදුටුවා. එහිදී ඔවුන් 13 වන සංශෝධනය සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව මහානාහිමියන් දැනුවත් කර තිබෙනවා. එහිදි මහානාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ 13 වන සංශෝධනයෙන් ඉල්ලන සියලූ දේ ලබාදිය නොහැකි බවයි. හිඟන්නෙකුට වුවත්, දෙයක් ලබාදෙන්නේ ඇඳිවත ඉතිරිකරගෙන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා. 13 වන සංශෝධනයෙන් ලබා දිය යුතු දේ කුමක් ද යන්න පිළිබඳව මධ්‍යම රජය තීරණයක් ගත යුතු බවයි මහානාහිමියන් කියා සිටියේ.



ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැය 9ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි
Thursday, 02 July 2020 - 18:39

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 02 July 2020 - 18:16

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More