එක්නැලිගොඩ ගැන අරුන්දිකගෙන් යළිත් ප්‍රකාශයක්.

Friday, 07 June 2013 - 18:38

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අතුරුදන්ව සිටින බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී තමන් ප්‍රකාශ කළේ මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන ලබාදුන් කරුණු මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ දී අද (07) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනුයි මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේ. පසුගිය 5 වන දා පාර්ලිමේන්තුවේ පැවැති පුවත්පත් මණ්ඩල පනත යටතේ නියෝග පිළිබද විවාදයේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවයි. එම ප්‍රකාශය දඩමීමා කර ගනිමින් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි තමන් විවේචනය කරන අතර, අභූත චෝදනාවන් ද එල්ල කරමින් සිටින බව වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් මන්ත්‍රීවරයා සදහන් කළා.

තමන් මීට අදාළ කරුණු දැන ගත්තේ ප්‍රංශයට ගිය විට පාසල් මිතුරෙකු වූ මංජුල වෙඩිවර්ධනගෙන් බවත්, හිස බූ ගා සිටි මිටි පුද්ගලයෙකු තමන් වෙත පෙන්වා ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ බව මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන ප්‍රකාශ කළ බව ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (07) ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී ඔහු තමන් සමග කතා කිරීමෙන් වැලකී එම ස්ථානයෙන් පිටත්ව ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සදහන් කළා.

මේ අතර, පොලීසිය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කටයුතු කිරීමට නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඒ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ අද (07) දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.
 
[MP3]s60525[/MP3]