සිවිල් ආරක්ෂක බලකායේ 300ක් කොළඹ සරසවියට.

Friday, 07 June 2013 - 18:42

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+300%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් 38ක සහ විශ්වවිද්‍යාල දෙකක හෙට (08) දිනයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ඩෙංගු මර්ධන මෙහෙයුම් කමිටුවේ සභාපතිනී දමයන්ති ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්ධනයට පමණක් සිවිල් ආරක්ෂක නිලධාරීන් 300ක් පමණ යොදා ඇති බවයි.

[MP3]s60526_1[/MP3]                                                                    

ගත වූ මාස 5ක කාලයක් ඇතුළත දිවයින පුරා ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් 13,978ක් වාර්තා වී තිබෙනවා. එයින් සියයට 41ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගත වූ මුල් කාර්තුවේ පමණක් ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතර වැඩිම පිරිසක් පාසල් දරුවන්. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි පාසල් 147ක් පරීක්ෂාවට මේ වන විට ලක් කර ඇති අතර, ඉන් 63ක තත්ත්වය අසතුටුදායක බවයි කොළඹ මහනගර සභාව ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සතියකට ඩෙංගු රෝගීන් 500කට අධික පිරිසක් වාර්තා වන බවයි. එය ඩෙංගු රෝගයේ අධි වසංගත තත්ත්වයක ලක්ෂණ බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

[MP3]s60526_2[/MP3]                                                                      

මේ අතර, ඩෙංගු රෝගය වැලදීම හේතුවෙන් පසුගිය 05 වන දා ජීවිතක්ෂයට පත්වූ කෑගල්ල - දෙබත්ගම ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ සිසුවියගේ අවසන් කටයුතු අද (07) සිදුකෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කළමනාකරණ පීඨය සහ ශාස්ත්‍ර පීඨයේ දේශන සහ විභාග ලබන සඳුදා දක්වා අවලංගු කෙරුණේ ද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන්.