එජාප - හෙළ උරුම සාකච්ඡා 12 වන දා.

Friday, 07 June 2013 - 18:46

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+12+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F.

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබදව ඔවුන් සමග සාකච්ඡා කිරීමට ජාතික හෙළ උරුමය සූදානම්. මෙම සාකච්ඡාව ලබන 12 වන දා පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.  

එක්සත් ජාතික පක්ෂය සමග මෙම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබද සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ද ප්‍රකාශ කළා. ඒ, කොළඹ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීයි.

[MP3]s60527_1[/MP3]                                                                             

එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථා කෙටුම්පතින් රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට සිදුකර තිබෙන යෝජනාව ද අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රශංසාවට ලක්වුණා.

[MP3]s60527_2[/MP3]                                                                             

මේ වන විට ජාතික හෙළ උරුමය පළාත් සභා ක්‍රමයට එරෙහි ක්‍රියාමාර්ග රැසකට ද අවතීර්ණ වී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් පළාත් සභා විරෝධී ජාතික එකමුතුව නමින් සංවිධානයක් ද ඊයේ (06) පිහිටුවා ගත්තා.
 
මේ අතර, දේශපාලන පක්ෂ නායකයන් සහ මහජන නියෝජිතයන්ගේ සහය ඇතිව දූෂණය අවම කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණා. ඒ, බත්තරමුල්ලේ ප්‍රසිද්ධ හෝටලයකදීයි. එහිදීද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද සාකච්ජාවේ නිරත වී තිබෙනවා.