සන්ධාන මන්ත්‍රීවරයෙකුට එජාපයෙන් රහස් පරීක්ෂක තනතුරක්.

Saturday, 08 June 2013 - 8:54

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.

අතුරුදන්ව සිටින බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබද යළි රට තුළ පුළුල් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් සමගයි. ජුනි 5 වන දා පාර්ලිමේන්තුව අමතමින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒ පිළිබදව මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s60538_1[/MP3]

 

අනතුරුව මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පසුගිය දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ද විමසීමක් කළා. අමාත්‍යවරයා එහිදී දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s60538_2[/MP3]

 

කෙසේ වෙතත්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට පාර්ලිමේන්තුවේ දී තමන් ප්‍රකාශ කළේ මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන ලබාදුන් කරුණු මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ඊයේ (07) ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනුයි මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේ.

 

[MP3]s60538_3[/MP3]

 



මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ඔහුගෙන් පැණයක් විමසුවා.

 

[MP3]s60538_4[/MP3]

 

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රංශයේ සිට අදහස් දැක්වූ මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පිළිබද මෙවැනි මතයක් පළ කළා.

 
[MP3]s60538_5[/MP3]