ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් පාකිස්තානයේ 7 ක් මරුට.

Saturday, 08 June 2013 - 9:19

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

නියමුවන් රහිත ඇමරිකානු ඩ්‍රෝන් යානයක් මගින් වයඹදිග පාකිස්තානයේ උතුරු වසිරිස්ථාන් ගෝත්‍රික ප්‍රදේශයට ඊයේ (07) එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි මෙහි තලෙයිබාන් ක්‍රියාකාරීන් සිටින බව විශ්වාස කෙරෙනවා. ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරවලට විරෝධය දක්වන නවාස් ෂරීෆ් පාකිස්තානයේ අගමැති ධූරයට පත්වීමෙන් පසු වාර්තා වූ ප්‍රථම ප්‍රහාරය ද මෙයයි.