ධීවර යාත්‍රා 2ක් අනතුරේ. - ධීවරයන් දෙදෙනෙකු මිය යයි.

Saturday, 08 June 2013 - 10:10

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A.+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

බේරුවල සහ ගාල්ල - ගිංතොට ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට ලක්වීමෙන් ධීවරයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර, දෙහිවල සහ බේරුවලින් මුහුදු ගිය අනතුරට පත් යාත්‍රා මුදා ගැනීම සඳහා නාවික හමුදාව ද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙහිවල ධීවරයන් පිරිසක් තම යාත්‍රා මේ වන විට දුම්රිය වෙත රැගෙන විත් විරෝධතාවක නිරත වන්නේ අනතුරට පත් යාත්‍රා මුදා ගැනීමට කටයුතු කරන ලෙස බල කරමින්. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.