දිවයින පුරා කාලගුණ ආපදා. - 5 ක් මරුට.

Saturday, 08 June 2013 - 13:05

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F.+-+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

බේරුවල, අහුංගල්ල සහ ගාල්ල - ගිංතොට ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා අනතුරට ලක්වීමෙන් ධීවරයන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. අයෙකු අතුරුදන් වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර, මුහුදු ගොස් අනතුරට පත් ධීවර යාත්‍රා මුදා ගැනීම සඳහා නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව ද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා නාවික හමුදාවේ යාත්‍රා 3 ක් සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 2 ක් යොදා ඇති බව  ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. හෙලිකොප්ටර් යොදා ගෙන මුදා ගන්නා ධීවරයන් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි ගුවන් හමුදා ප්‍රකාශක ගුවන් කොමදෝරු ඇන්ඩි විජේසූරිය ප්‍රකාශ කළේ.

 

[MP3]s60573_1[/MP3]

 

පවතින තත්ත්වය පිළිබඳව අප ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් ද විමසීමක් කළා.

 

[MP3]s60573_2[/MP3]

 

මේ අතර, දෙහිවල ධීවරයන් පිරිසක් තම යාත්‍රා දුම්රිය මාර්ගය වෙත රැගෙන විත් විරෝධතාවක නිරත වුණේ අනතුරට පත් යාත්‍රා මුදා ගැනීමට කටයුතු කරන ලෙස බල කරමින්. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා මතුවුණා. එහිදී ධීවරයෙකු මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s60573_3[/MP3]

 

 

මේ වනවිට එම විරෝධය අවසන් වී ඇති අතර, දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් වී තිබෙනවා. කෙසේ වෙතත්, හික්කඩුව ප්‍රදේශයෙන් ද ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව සඳහන්.

 

අධික වර්ෂාව මැද ගස් කඩා වැටීමෙන් විදුලි මාර්ගවලට හානි සිදුවීම නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවකම විදුලිය සැපයීම් මේ වන විට ඇණහිට තිබෙනවා. මතුගම - පානදුර සහ අම්බලන්ගොඩ ග්‍රිඞ් උපපොළවලින් විදුලිය සැපයෙන ප්‍රදේශවලට මෙලෙස සැපයුම නතර වී ඇති බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ. සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා. පිළියන්දල, බේරුවල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ද විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, උඩුගම, ඇතුළු ප්‍රදේශ රැසක ගමනාගමන කටයුතු ගස් කඩා වැටීම හේතුවෙන් ඇණ හිට ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

 

පවතින අධික වර්ෂාවත් සමග ජල මට්ටම ඉහළ යාම නිසා ඉහළ කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කැළණි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ජලාශය පහළ කොටසේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි. මේ අතර, අධික මීදුම පිළිබඳව රියදුරන් සැලකිල්ලෙන් පසුවිය යුතු බව ද, ඔහු කියා සිටියා.

 

[MP3]s60573_4[/MP3]

 

කළු ඟගේ, කැළණි ඟගේ සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළ යන බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ අදහස් දක්වන එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර.

 

[MP3]s60573_5[/MP3]

 

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්.කාරියවසම්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ නිරිත දිග මෝසම සක්‍රියවීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බවයි.

 

[MP3]s60573_6[/MP3]

 
අධික සුළං තත්ත්වය නිසා මුහුද රළුවීම හේතුවෙන් මන්නාරමේ සිට කොළඹ - ගාල්ල හරහා පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි ආපදා කළමනාකාර මධ්‍යස්ථානය අද උදෑසන සිටම ධීවරයන්ගෙන් ඉල්ලා සිටියා. මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසකින් දැඩි සුළං තත්ත්වයක් වාර්තා වනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළේ සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් අදාළ මුහුදුතීර වල ධීවර කටයුතු අවදානම් බවයි.