ගුවන් හා නාවික හමුදා ධීවරයින් 7 දෙනෙකු බේරා ගැනේ.

Saturday, 08 June 2013 - 13:20

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ධීවරයින් 7 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බව නාවික සහ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ නාවික හමුදාව විසින් ධීවරයින් දෙදෙනෙකු ද, වෙළඳ  නෞකාවක් විසින් තවත් ධීවරයින් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි. එමෙන්ම ගුවන් හමුදාව විසින් දෙහිවල - කොළඹ මුහුදු තීරයේදී ධීවරයින් දෙදෙනෙකු සහ බේරුවල මුහුදු තීරයෙන් එක් ධීවරයෙක් ද බේරා ගත් බව ගුවන් හමුදා ප්‍රකාශක ගුවන් කොමදෝරු ඇන්ඩි විජේසූරිය පවසනවා. මීට අමතරව මේ වනවිට රත්මලාන මුහුදු තීරයේ ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් බේරා ගැනීම සඳහා මෙහෙයුමක යෙදී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එම ධීවර යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙකු සිටින බවයි ඔහු විශ්වාසය පළ කරන්නේ.



අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 66,97,000 ඉක්මවයි
Friday, 05 June 2020 - 8:14

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 6697,000 ඉක්මවා... Read More