දැනුවත් කළා, කාලගුණය - දන්නේ නැහැ - ධීවර සංගම්.

Saturday, 08 June 2013 - 19:13

%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+-+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A.

ඉදිරි පැය 24 තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්.ආර්. ජයසේකර කියා සිටියේ. විශේෂයෙන් වැසි ඇතිවන අවස්ථාවලදී ඇතැම්විට පැයට කිලෝමීටර 60 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළා. එබැවින් ධීවරයින් මුහුදු යෑමෙන් වැළකිය සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටින්නේ. එමෙන්ම, ඊයේ රාත්‍රියේදී දකුණුබඩ මුහුදු තීරයේ තද සුළං තත්ත්වයක් ඇති වන බවට ධීවරයින්ට අනතුරු ඇඟවීමක් ද සිදුකළ බව ද ඔහු හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළා.

[MP3]s60594_1[/MP3]           

කෙසේ වෙතත්, ජාතික ධීවර සහයෝගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර පවසන්නේ එවන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ධීවරයින් නොදැන සිටි බවයි.

[MP3]s60594_2[/MP3]                   

මෙම අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහෙත් එවැනි නිවේදනයක් අප වෙත ලැබී තිබුණේ නැහැ.



සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට තෙක් කල් යයි
Wednesday, 27 May 2020 - 14:39

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More