ධීවරයින් 5 ක් ඇතුළු 6 දෙනෙක් මරුට - 17 ක් අතුරුදන්.

Saturday, 08 June 2013 - 19:22

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+17+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.

පවතින ආපදා කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මරණ 6 ක් වාර්තාවී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. බේරුවල, අහුංගල්ල, ගාල්ල, බෙන්තොට සහ ගාල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා අනතුරට ලක්වීමෙන් ධීවරයන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර කොළොන්න ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.  ඒ සම්බන්ධයෙන් සහ පවතින ආපදා තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

[MP3]s60595_1[/MP3]                                                       

ඊට අමතරව, ජලාශ කිහිපයක ද වාන් දොරටු විවෘත කර ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

[MP3]s60595_2[/MP3]                                        

මේ අතර, ඊයේ (07) රාත්‍රියේ අහුන්ගල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් 17 දෙනෙකු අතුරුදන්වී ඇති බවට අහුන්ගල්ල පොලීසියට පැමිණිලි 12 ක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා.

මුහුදු ගොස් අනතුරට පත් ධීවර යාත්‍රා මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව ද මෙහෙයුම් සිදුකළ අතර, ආපදාවට පත්වූවන් මුදාගැනීම සඳහා යුද හමුදාව සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය.

[MP3]s60595_3[/MP3]                          

අද (08) දිනයේ ගුවන් හමුදාව විසින් සිදුකළ ජීවිතාරක්ෂක මෙහෙයුම සම්බන්ධයෙන් පැහැදිලි කළ ගුවන් හමුදා ප්‍රකාශක එයාර් කොමදෝරු ඇන්ඩෲ විජේසූරිය.

[MP3]s60595_4[/MP3]                   

නාවික හමුදාව විසින් ධීවර කටයුතු සඳහා ගොස් අනතුරට ලක් වූ ධීවරයන් 6 දෙනෙකු ගලවා ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත්,  ආපදාවට පත්වූ ධීවරයන්ට සහන සැළසීමට කටයුතු කරන බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න කියා සිටියේ.

[MP3]s60595_5[/MP3]

එමෙන්ම, ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අනතුරට ලක් වූ ධීවරයන් 10 දෙනෙකු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කළ එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය කේ.එච්. ප්‍රියන්ත ජීවරත්න.

[MP3]s60595_6[/MP3]

වැසි කුණාටු කාලගුණය මැද අඟුලාන මුහුදු තීරයේදී පෙරලූණු බෝට්ටුවක සිටි ධීවරයෙකු බැරලයක ආධාරයෙන් ගාලූ මුවදොර වෙරළට නිරුපද්‍රිතව ළඟා වුණා. අද අලූයම දෙකට පමණ තමන් මෙම අනතුරට මුහුණදුන් බවයි ගාලූ මුවදොර වෙරළ තීරයේදී ගොඩට ගැනුනු ජී.එම්. චන්ද්‍රසිරි අපෝන්සු නැමති මෙම ධීවරයා ප්‍රකාශ කර ඇත්තේ. තමන් ධීවර බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වුණු අයුරු දුටු බවත් ඔහු පවසා තිබෙනවා. එමෙන්ම ඔහු සමග බැරලයේ එල්ලී පැමිණි තවත් ධීවර සඟයෙකු ගාලූ මුවදොර වෙරළට මීටර 50 ක් පමණ තිබියදී බැරලය අතහැරී මුහුදට වැටුණු බවත් ඔහු කියා සිටියා.  එලෙස අනතුරට පත්වූ ධීවරයාගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස ගාලූ මුවදොර පිටියේදී අදහස් දක්වා සිටියා.

[MP3]s60595_7[/MP3]

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හලාවත  - වැල්ල මුහුදුතීරය ඛාදනයට ලක්වීමෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. ප්‍රචන්ඩ මුහුදු රළ හේතුවෙන් වෙරළ තීරය ඛාදනයට ලක් වීම නිසා නිවාස 2 ක් සම්පූර්ණයෙන් මුහුදට ගසාගෙන ගිය බවයි හලාවත හිරු වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් කියා සිටියේ.

[MP3]s60595_8[/MP3]   

අයහපත් කාලගුණයත් සමග බේරුවල මුහුදු තීරය ආශ්‍රිතව ජීවත්වන ජනතාව මුහුණදුන් තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීමක් කරන එහි සිටින හිරු වාර්තාකරු තුසිත කුමාර.

[MP3]s60595_9[/MP3]                  

මීට අමතරව අවිස්සාවේල්ල, මාතර, ගාල්ල, බේරුවල, බලපිටිය සහ රත්නපුර ප්‍රදේශවල පහත් බිම් කිහිපයක් ජලයෙන් යටව තිබූ බවයි එම ප්‍රදේශවල හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, ගස් කඩා වැටීමෙන් බාධා එල්ල වූ අවිස්සාවේල්ල සහ වෙරළබඩ මාර්ගවල දුම්රිය ගමනාගමන කටයුතු මේ වනවිට යථා පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

rn

[JPG]s60595_1[/JPG]

rn

[JPG]s60595_2[/JPG]

rn

[JPG]s60595_3[/JPG]

rn

[JPG]s60595_4[/JPG]

rn

[JPG]s60595_5[/JPG]

rn

[JPG]s60595_6[/JPG]

rn

[JPG]s60595_7[/JPG]

rn

[JPG]s60595_8[/JPG]

rn

[JPG]s60595_9[/JPG]

rn

[JPG]s60595_10[/JPG]

rn

[JPG]s60595_11[/JPG]

rn

 

rn
 


Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More

දින 66කට පසු කොළඹ සහ ගම්පහ හෙට විවෘත වෙයි
Monday, 25 May 2020 - 19:30

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

කුවේට් සිට පැමිණි තවත් 16කට කොරෝනා - මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 19:16

කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව... Read More