ඒකීය භාවයේ ආරක්ෂාවට 13 ට සංශෝධන. ඇමති ඩලස්.

Sunday, 09 June 2013 - 8:06

%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+13+%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A.

ආණ්ඩුව 13 වන සංශෝධනයට අදාළව තවත් සංශෝධන දෙකක් යෝජනා කළේ රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඒ, මාතර ඊයේ පැවති උත්සවයක් අමතමින්.

13 වන සංශෝධනය පිළිබඳව සමාජය තුළ කථිකාවක් ඇතිවන්නේ උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමගයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුම ඊට යෝජිත සංශෝධන පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

[MP3]s60606_1[/MP3]

අදාළ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වා සිටියා.

[MP3]s60606_2[/MP3]

කෙසේ වෙතත් මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක 13 වන සංශෝධනය ගැන හඬ නගන රජයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s60606_3[/MP3]

එහෙත් කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන එම පක්ෂය සමග ඉදිරියේදී සාකච්ජා කරන බවයි.

[MP3]s60606_4[/MP3]
 
ජාතික හෙළ උරුමය සහ එක්සත් ජාතික පක්ෂය අතර මෙම සාකච්ඡාව මෙම මස 12 වැනිදා පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.