ධීවරයන් 43 ක් තවමත් අතුරුදන්. අදත් මුහුදු යන්න එපා.

Sunday, 09 June 2013 - 8:12

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+43+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.

දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් ධීවරයන් 43 දෙනෙකු අතුරුදන් වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඔවුන් බලපිටිය, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයෙන් මුහුදු ගිය අයයි. මේ වනවිට දිස්ත්‍රික්ක 05 කින් ආපදා තත්ත්වයන් වාර්තා වන අතර පුද්ගල මරණ 06 ක්ද, තුවාල සිදුවීම් 22 ක්ද වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර.

[MP3]s60608_1[/MP3]

කැළණි, කළු සහ ගිං ගංඟාවල ජල මට්ටම ඉහළ යන බැවින් අවධානයෙන් පසුවන ලෙස ඒ අවට පදිංචි ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කළා.

[MP3]s60608_2[/MP3]

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ මන්නාරමේ සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුද තවදුරටත් රළුව පවතින බවයි. එහි තද සුළං ඇතිවන බැවින් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකිය යුතු බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව අප කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝගෙන් විමසීමක් කළා.  

[MP3]s60608_3[/MP3]

මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
 
[MP3]s60608_4[/MP3]