මෙරට සහල්වල විෂ සහිත කැඩ්මියම්.

Sunday, 09 June 2013 - 12:43

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A.

මෙරට සහල්වල විෂ සහිත බැර ලෝහයක් වන කැඞ්මියම් සැළකිය යුතු ප්‍රමාණයකින් අන්තර්ගතවන බව පර්යේෂණයකින් හෙළිවී ඇතැයි ඇමරිකානු ජාතික විද්‍යා සඟරාව හෙළිදරව් කළා. එහි පළවී ඇති මෙම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අනුව සහල් පාරිභෝජනය කරන රටවල් 12 ක් අතුරෙන් බංග්ලාදේශය හැරුණුකොට දෙවනුව වැඩිම කැඞ්මියම් ප්‍රමාණයක් අඩංගුවන්නේ මෙරට සහල්වලයි.

රටවල් 5 ක පරීක්ෂණ කණ්ඩායමක් විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර එම සහල් පරීක්ෂාවට ලක්කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇබර්ඞීන් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයක් තුළයි. පරීක්ෂණය සඳහා බ්‍රිතාන්‍ය, බංග්ලාදේශය, චීනය, ඝානා රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමකට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ විද්‍යාඥයින් කණ්ඩායමක්ද සහභාගි වුණා. ඊට සහභාගි වූ  පාරිසරික විෂවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල ද සිල්වා කියා සිටියේ මෙම පරීක්ෂණය සඳහා විශේෂයෙන් යොදා ගැනුනේ උතුරු මැද පළාත කේන්ද්‍රකොට ගෙන නිෂ්පාදිත සහල් බවයි.   

[MP3]s60624_1[/MP3]

මෙරට සහල්වලට විෂ සහිත බැර ලෝහ එක්වන්නේ ප්‍රමිතියෙන් තොර පොහොර භාවිතයෙන් බවට මෙම අන්තර්ජාතික පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන ආචාර්ය මංගල ද සිල්වා.

[MP3]s60624_2[/MP3]

ශාක මුල් මගින් ගසෙන් උරාගන්නා කැඞ්මියම් ශරීරගත වීමෙන් වකුගඩු රෝග සහ හදවත් රෝග වැළඳෙන බව විද්‍යාත්මක තහවුරුවී තිබෙනවා.