වැසි කුණාටුවෙන් ධීවරයන් 18 ක් මරුට. 36 ක් අතුරුදන්.

Sunday, 09 June 2013 - 12:51

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+36+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.

සයුරේදී දැඩි සුළඟත් සමග අනතුරට පත්වූ ධීවර යාත්‍රාවල සිටි ධීවරයන් 18 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ ධීවරයන් කිහිපදෙනෙකුගේ සිරුරු හමුවූ අතර තවත් ධීවරයන් පිරිසකගේ සිරුරු බේරුවල මුහුදු තීරයෙන් සොයා ගැනුනා. අඟුලාන ප්‍රදේශයෙන්ද අද උදෑසන ධීවරයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ධීවර බෝට්ටු 37 ක් තවමත් අතුරුදන්ව ඇති බවයි.

[MP3]s60626_1[/MP3]

මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළා.

[MP3]s60626_2[/MP3]

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද දිනය තුළත් මන්නාරමේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරයේ මෙන්ම යාපනයේ සිට මඩකලපුව දක්වා වූ මුහුදු තීරයේද ධීවර කටයුතු සහ නාවික කටයුතු සිදු නොකළ යුතු බවයි. දවසේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.

[MP3]s60626_3[/MP3]

පවතින ආපදා තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත්ලාල් කුමාරගෙන්ද විමසීමක් කළා.

[MP3]s60626_4[/MP3]

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ද සඳහන් කළේ විටින් විට ජලාශවල වාන් දොරටු විවෘත කරන බැවින් ජලාශවල පහළ කොටසේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

[MP3]s60626_5[/MP3]

මේ අතර කළු, කැළණි, ගිං යන ගංඟාවල ජල මට්ටම ඉහළ යෑමේ අවදානමද තවමත් පවතින බව ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.



බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්
Friday, 29 May 2020 - 6:07

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More