රාවණා බලය ක්‍රිකට් ආයතනයටත් යාමට සැරසේ.

Sunday, 09 June 2013 - 19:05

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.


චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීම භාර ගත යුතු බව රාවණා බලය සංවිධානය ප්‍රකාශ කළා. තරගාවලියේ සමාරම්භක උත්සවය අතරතුර ඊට එක්ව සිටින රටවල් 8 හි ජාතික ධජ ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒම සිදුවුණා. එම අවස්ථාවේ තරග සංවිධායකයන් අදාළ රටවල සංස්කෘතියට ගැලපෙන ගීත අනුවාදනයක් සිදුකළත්, ශ්‍රී ලංකා ජාතික ධජය රැගෙන ඒමේදී මෙලෙස හින්දි ගීතයක ඛණ්ඩයක් වාදනය වුණා.

[MP3]s60651_1[/MP3]

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ අදාළ ගීතය වාදනය වීමට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග එහි ගොස් සිටින නිලධාරින්ට හැකියාව තිබූ බවයි. කෙසේ වෙතත්, හෙට (10) දිනයේදී ඊට විරෝධය පළ කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.  

 [MP3]s60651_2[/MP3]                                                                 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ ක්‍රිකට් තරගාවලි කිහිපයකම මෙවැනි සිද්ධීන් මීට පෙර ද වාර්තා වුණා. 2011 වසරේ  ඕස්ට්‍රේලියාවේ පැවති එක්දින තරගාවලියේදී ද මෙරට ජාතික ගීය වැරදි ගායනා කෙරුණේ දෝෂ රැසක් සහිතවයි. එලෙස වැරදි ලෙස ගායනා කෙරුණු මෙරට ජාතික ගීයේ කොටස් කිහිපයකුයි මේ.

 [MP3]s60651_3[/MP3]

පසුගිය වසරේ  ඕස්ට්‍රේලියාවේ පැවති බොක්සිං දින ටෙස්ට් තරගාවලියට ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණා. එම තරගාවලියේ තරඟ දෙකකදී ශ්‍රී ලංකා ජාතික ගීය වැරදි ලෙස ගායනා කෙරුණු අතර, සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.පියසේන එරට සිට පුවත්පත් රැසකට ලිපි ලියා තිබුණා. එම අත්දැකීම හිරු ප්‍රවෘත්ති අංශයට යලි ආවර්ජනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.පියසේන.

 [MP3]s60651_4[/MP3]