මිය ගිය ධීවරයන් ගණන 22 දක්වා ඉහළට.

Sunday, 09 June 2013 - 19:07

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+22+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.



සයුරේ දී මුහුණ දුන් දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අනතුරට පත්වූ ධීවරයන් විසි දෙදෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා. තවත් 28 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න කියා සිටියේ. අනතුරට පත්වූ ධීවර යාත්‍රාවල සිටියදී මිය ගිය සහ අතුරුදන්වූවන්ගේ පවුල්වලට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. අතුරුදන් වූ ධීවරයන් සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මකයි. ඒ සඳහා නාවික හමුදාව හා ගුවන් හමුදාව අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න තවදුරටත් සදහන් කළා.

 [MP3]s60652_1[/MP3]

මේ අතර, ගත වූ පැය කිහිපය තුළ කාලගුණික තත්ත්වය යහපත්වීම හේතුවෙන් ජල මට්ටම ඉහළ ගිය ජලාශවල ජල මට්ටම අඩුවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර කියා සිටියේ අවතැන්වූවන්ට අවශ්‍ය සහන සාලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

 [MP3]s60652_2[/MP3]

ඉදිරි පැය 24 තුළ දිවයිනට බලපා තිබෙන වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයේ කිසියම් අඩුවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වුවත්, දිවයිනට නිරිත දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ තවදුරටත් රළු ස්වභාවයක් පැවතිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.

[MP3]s60652_3[/MP3]

මේ අතර, දිවයිනට බලපා තිබෙන වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ කිසියම් අඩුවීමක් පවතින බව කාලගුණය සම්බන්ධයෙන් අනාවැකි පළ කරන ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කළා. එම අනාවැකිවලට අනුව ද මුහුදේ කාලගුණික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සඳහන්.