ආපදාව කලින් දැනුම් දුන් ආකාරය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි. - හිරුගේ අනාවරණය නොසලකා හැරියා. - ජනිපෙ.

Sunday, 09 June 2013 - 19:10

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.++-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99.


 

මෙරට ඇතිවූ හදිසි කාලගුණ ආපදාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ ආකාරය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමසීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. එහිදී විශේෂයෙන් ධීවර ප්‍රජාව ඇතුලූ ජනතාව අයහපත් කාලගුණය පිළිබඳව දැනුවත් කළ ආකාරයයි ජනාධිපතිවරයා විමසා ඇත්තේ. ඒ අනුව, අදාළ වාර්තාව දින දෙකක් තුළදී සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට මෙවැනි සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ඉකුත් 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. හිරු ප්‍රවෘත්ති අංශය ද ඒ පිළිබදව අවස්ථා දෙකකදී අනාවරණ කළා. මාතර - දෙවිනුවර විශ්ණු දේවාලයේ පැවති දේව කන්නලව්වකට සහභාගි වෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (09) කියා සිටියේ එම නිවේදනයට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ නම් සිදුවූ විපත් අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි. අද (09) පැවති මාධ්‍ය හමු කිහිපයකදීම මේ පිළිබඳව අදහස් පළ වූ අතර ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර දැක්වූ අදහසුයි මේ.

 
[MP3]s60653[/MP3]

rn

 



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More