වැසි කුණාටුවෙන් මියගිය ධීවරයන් ගණන 27 ක් දක්වා ඉහළට.

Monday, 10 June 2013 - 8:03

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+27+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

පසුගියදා ඇතිවූ වැසි කුණාටුව හේතුවෙන් මියගිය ධීවරයන්ගේ සිරුරු 27 ක් මේ වනවිට සොයාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ධීවරයින් 29 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේදී දිවයිනේ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි පීඩාවට පත්වුණා. ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රා 30 ක් පමණ නැවත ගොඩබිමට පැමිණ නැති අතර යාත්‍රා 14 ක සුන්බුන් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අද දිනයේදීත් අතුරුදන්වූ ධීවරයින් සොයා නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s60667_1[/MP3]

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්ත්වය පහව ගියත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මුහුදේ රළු ස්වභාවය තවමත් පැවතීමේ හැකියාවක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.
 
[MP3]s60667_2[/MP3]