13 ගැන මුස්ලිම් කොංග්‍රසයේ විරෝධය ලිඛිතව ජනපතිට.

Monday, 10 June 2013 - 12:55

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%BD%E0%B7%92%E0%B6%9B%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7.



13 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාවට සිය ලිඛිත විරෝධතා මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් කියා සිටියේ මෙම යෝජනා පිළිබඳව සොයාබැලීම සඳහා පක්ෂ නායක රවුෆ් හකීම් විසින් කමිටුවක්ද පත්කර ඇති බවයි. එම කමිටුව මගින් මෙම යෝජනාව සකස් කර ඇති අතර අවසන් වරට පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් වෙත දැනුම් දී ඇත්තේ අදාළ යෝජනාවට එරෙහිවීමට හේතු ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

 

ඒ අනුව තම විරෝධතා ජනාධිපතිවරයා වෙත ඉදිරියේදී භාරදෙන බවයි මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ.  

[MP3]s60689[/MP3]