හෝමාගම හිටපු දිසා විනිසුරු කෝටියක ශරීර ඇපමත මුදා හැරේ.

Monday, 10 June 2013 - 12:56

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%87%E0%B6%B4%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.


 

අල්ලස් චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහව ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. මෙම නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ සැකකාර දිසා විනිසුරුවරයා රුපියල් කෝටියක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි. නඩුවක පැමිණිලිකාරියට වාසි වන ආකාරයෙන් තීන්දුව ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගත් බවට සැකකාර දිසා විනිසුරුවරයාට චෝදනා එල්ල වූ අතර පසුව ඔහු පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම නඩුවට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු දිසා විනිසුරුවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර දිසා විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අවසරයකින් තොරව ඔහුගේ නිල මැදිරිය වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට අවවාද කළා. නඩුව ආරම්භ කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේ තමාගේ අවසරයකින් තොරව සැකකාර දිසා විනිසුරුවරයා නිල මැදිරියට රැගෙන ආවේ මන්ද යන්නයි. ඊට පිළිතුරු ලබාදුන් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂාව මත දිසා විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට රැගෙන ගිය බවයි. මින් ඉදිරියට තමාගේ අවසරයකින් තොරව සැකකරුවෙකු නිල මැදිරිය තුළට රැගෙන ඒමෙන් වළකින ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කරනු ලැබුවා.  

 

මේ අතර සැකකාර දිසා විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇති බවද වාර්තාවනවා. විනිසුරුවරයා සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් මේ වනවිට අධිකරණ සේවා කොමිසම විසින් පවත්වන බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණේ.



සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලංකිකින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More

ගල්කිස්සේ අපද්‍රව්‍ය ගැන අලුත් සැකයක්
Saturday, 06 June 2020 - 8:18

ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික්... Read More