වැසි කුණාටුවෙන් ධීවරයන් 31 ක් මරුට.

Monday, 10 June 2013 - 13:05

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+31+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


 

වැසි කුණාටුව හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති ධීවරයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් ධීවරයින් 31 දෙනෙකු තවමත් අතුරුදන්වී ඇති බවයි. වැසි කුණාටුවට හසුවූ ධීවර යාත්‍රාවක් මුහුද මැද තිබියදී දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසකට හමුවී තිබෙනවා. ඔවුන් එම යාත්‍රාව අද අලූයම මාතර - සුදුවැල්ල ධීවර වරායට ගෙනවිත් ඇති අතර එය කුමන ස්ථානයකින් ධීවර කටයුතු සඳහා යන්නට ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ. එම යාත්‍රාවේ සිටි ධීවරයින් පිළිබඳවද තොරතුරු ලැබී නොමැති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

 

මුහුදු ගොස් අතුරුදන් වූ බවට සැක කෙරෙන ධීවරයන් දෙදෙනෙකුගේ සිරුරු අද උදෑසන බම්බලපිටිය වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමුවුණා. මෙසේ මියගොස් ඇත්තේ කුමන ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින්දැයි මෙතෙක් හෙළිවී නැහැ.  

 

මේ අතර සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දකුණු වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවූ මෙම වැසි කුණාටුවෙන් නිවාස 101කට ද හානි සිදුවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

 

මියගිය සහ වැසි කුණාටු තත්්ත්වයෙන් ආපදාවට ලක්වූ ධීවර ප්‍රජාවට ලබාදෙන කඩිනම් සහන මොනවාදැයි හිරු ප්‍රවෘත්ති අංශය ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

 
[MP3]s60691[/MP3]                    



ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 11:29

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ... Read More