අස්ගිරි මහ නාහිමියන් මහ මගට බැසීමට සූදානම්.

Monday, 10 June 2013 - 13:08

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ - කොටුව - සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ ඉදිකිරීමට සැළසුම් කර ඇති කැසිනෝ පුරවරය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ කථාබහක් මතුව තිබෙනවා.

අද (10) පෙරවරුවේ මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් කියා සිටියේ මෙම කැසිනෝ පුරවරය සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ ඉදි කළහොත් තමන් ඊට විරෝධය පළකරමින් මහ මගට බැසීමට වුවද සූදානම් බවයි. තමන් වහන්සේ සූදුවට සම්පූර්ණයෙන් විරුද්ධ බවත් මහ නාහිමියන් ප්‍රකාශ කළා. නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක මයන්ත දිසානායක අද අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටුවා. එම අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදීන් අමතමිනුයි මහ නායක හිමියන් මේ බව ප්‍රකාශ කළේ.

[MP3]s60692_1[/MP3]

මේ අතර රාවණා බලය සංවිධානයද කොටුව - සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ ඉදිකිරීමට නියමිත මෙම කැසිනෝ ආයතනය සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද පැවති විරෝධතාවයක් අතරතුර එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව සඳහන් කළා.

[MP3]s60692_2[/MP3]

අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරයද කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී මෙම කැසිනෝ ආයතනය සම්බන්ධයෙන් එම සංවිධානයේ විරෝ්ධය එල්ල කළා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි.

[MP3]s60692_3[/MP3]

කෙසේ වෙතත් විවිධ පාර්ශව එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩුගෙන් විමසීමක් කළා.

[MP3]s60692_4[/MP3]