ඇෆ්ගනිස්ථානයේ නේටෝ මූලස්ථානයට ප්‍රහාරයක්.

Monday, 10 June 2013 - 13:28

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7%E0%B7%9D+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි නේටෝ මූලස්ථානය වෙත ප්‍රහාරයක් එල්ලවුණා. ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක තලෙයිබාන් සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වනවිටත් දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවන බවද එම වාර්තා වැඩිදුරටත් කියා සිටියා. මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයකින් අනතුරුව ගුවන් තොටුපලේ පිහිටි උස් ගොඩනැගිල්ලක් සටන්කාමීන් විසින් අත්පත්කරගෙන තිබෙනවා. එහි සිට නේටෝ මූලස්ථානය වෙත ඔවුන් ප්‍රහාර එල්ලකරන බවයි වාර්තාවන්නේ. ගැටුමත් සමග කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ඇති අතර ගැටුමෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.